Created by Dulina Official
almost 6 years ago
|
||
Question | Answer |
ඉතිහාසය ගැන තොරතුරු අපි දැනගන්නේ කොහොමද? | ඒ කාලේ ලියවුණු පොත් පත් වලින් හා නටබුන්, කාසි, සෙල්ලිපි ආදියෙන්නෙ පුතේ. ඒවා මූලිකව සාහිත්‍ය මූලාශ්‍ර හා පුරාවිද්‍යා මූලාශ්‍ර කියා හඳුන්වනවා. |
මොනවද එතකොට සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ? | අපේ රටේ සිටි අය ලියූ විස්තර ඇතුළත් පොත් පත් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියා හදුන්වනවා. |
හෑ ! එතකොට ඔය රොබට් නොක්ස් වගේ අය අපේ රට ගැන ලියූ පොත් පත් ආදියත් ඒ ගණයටද අයත් වෙන්නේ? | නෑ. කලින් කතා කලේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර.රොබට් නොක්ස් විතරක් නොවේ. පාහියන්, හියුං සියෑං ආදී භික්ෂූන් වහන්සේලා මෙන්ම, ඇරිස්ටෝටල්, මෙගස්තිනිස්, රිබෙයිරෝ, බැල්සියස් වගේ අය අපේ රට ගැන ලියූ කෘති විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර ලෙස හැඳින්වෙනවා. |
ඉතිං එතකොට අපේ රටේ ලියවුණු පැරණිම සාහිත්‍ය ග්‍රන්ථය මොකක්ද? | දීපවංශය. මේ පොත ලියවිලා තියෙන්නේ ක්‍රි.ව. 4වන සියවසේ දී විතර. |
එහෙනම් අපේ රටේ ඉතිහාසය හැදෑරීමට තිබෙන පොත දීපවංශයද? | නැහැ. මුල්ම පොත ඒක වුණාට, පුනරුක්ති දෝෂයෙන් අඩු මහාවංශය තමා වැදගත්ම ඓතිහාසික ග්‍රන්ථය. ඒ වගේම මහාවංශයේ ඓතිහාසික සිදුවීම් විස්තරාත්මකව දක්වලා තියෙනව. |
මොකක්ද මේ පුනරුක්ති දෝෂය කියන්නේ? | නැවත නැවත එකම කරුණු දැක්වීමට තමයි පුනරුක්ති දෝෂ කියන්නේ. කොහොම නමුත් බුදුන්ගේ පළමු ලංකාගමනයේ සිට මහසෙන් සමය අවසානය තෙක් ඓතිහාසික තොරතුරු එයට ඇතුළත් වෙනවා. |
හ්ම්...! ලංකාවත් මාර රටක්... එතකොට මහාවංශයේ මුල් කොටස ලිව්වෙ කවුද? | තමුන්ට කී පාරක් කියන්නද ? මුල් කොටස තමා මහානාම හිමියන් ලිව්වෙ. උන්වහන්සේ එවකට වැඩසිටියේ අනුරපුර දික්සඳ සෙනෙවියා පිරිවෙනේලු. |
මුල් කොටසට අයත් වෙන්නේ මොන රජතුමා තෙක්ද ඇම්ඩන්තුමා ? | බුදුන් වහන්නෙස්ගේ ලංකාගමනයේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානය දක්වා. |
දීපවංශයත් මහාවංශයත් අතර සමානකම් තියෙනවා කියලා කියනවා නේද ? | ඔව්. මේ මූලාශ්‍ර දෙකටම සීහලට්ඨකතා හා උත්තර විහාරට්ඨකතා ආදී මුල් ඉතිහාස ග්‍රන්ථ වල ආභාසය ලබා තිබීම නිසානේ එහෙම වෙලා තියෙන්නේ. |
රටක ඉතිහාසය අඛණ්ඩව එකම කෘතියක ලියවුණු රටවල් අඩුයි නේද මහාචාර්යතුමා ? | ඔව්. ඒ නිසාම තමයි මහාවංශය ඉතාම වටිනා ග්‍රන්ථයක් වී ඇත්තේ. ඒක ශ්‍රී ලාංකිකයන් වන අපට මහත් අභිමානයක්. "පවුඩර් ටු බී අ ශ්‍රීලංකන්." |
එතකොට මහාවංශ ටීකාව කියන්නේ මොකක්ද ? | මහාවංශයේ අර්ථ විවරණය සඳහා ලියවුණු කෘතියක්. ඇත්තටම වෙනත් මූලාශ්‍ර වලින් නොලැබෙන තොරතුරු රැසක්ම මහාවංශ ටීකාවෙන් අපට හෙළි කෙරෙනවා. |
දේශීය මූලාශ්‍ර වලට ඔය ග්‍රන්ථ දෙක විතරද තියෙන්නේ ? | නෑ නෑ. තවත් ග්‍රන්ථ රැසක් ලියවිලා තියෙනවා. බෝධිවංශය, ථූපවංශය, ධාතුවංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය වැනි කෘතීන් රැසක් ලියවුණා. |
එතකොට ඇම්ඩන්තුමා සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, සහ හටන් කාව්‍ය කියලා කියන්නෙ මොනවද? | අන්න පුතා point එකට ආව. සංදේශ කාව්‍ය වලිනුත් ඓතිහාසික පුවත් රැසක් අනාවරණය වෙනවා. මයුර, තිසර, ගිරා, පරෙවි, සැළලිහිණි ආදී සංදේශ කාව්‍ය රැසක් ලියවුණා. ප්‍රශස්ති කාව්‍ය කියන්නේ රජවරුන්ගේ ගුණ වර්ණනා කරමින් ලියූ කෘතීන්. පැරකුම්බා සිරිත කියන්නේ එහෙම ලියපු ප්‍රශස්ත කාව්‍යයක්. හටන් කාව්‍ය කියන්නේ එකල පැවති හටන් පිළිබඳව ලියූ කෘති. සීතාවක හටන, කොන්ස්තන්තීනු හටන, ඉංග්‍රීසි හටන හටන් කාව්‍ය වලට උදාහරණ ලෙස හඳුන්වන්න පුලුවන් පුතේ. |
බොහොම ස්තූතියි ඇම්ඩන් මහාචාර්යතුමා...අදට ඇති වගේ තැන්කියු වේවා..! | තවත් මෙවැනි අධ්‍යාපනික වටිනාකමකින් යුතු වීඩියෝ බලන්න ඕනනම් අදම subscribe කරන්න අපේ channel එක. |
Want to create your own Flashcards for free with GoConqr? Learn more.